සාදරයෙන් පිළිගනිමු!

කිතුණු පල්ලියක් ඇත්තටම ගෙදරක් වගේ… 

ගෙදර හැම කෙනෙක්ටම විවෲතයි, හැමොටම පිළිගැනීමක් තියෙනවා

එය, සදාකාලික සහ ප්‍රේමණීය වූ පියෙකුගේ ප්‍රේමය ඕනෑම කෙනෙකුට අත්දැකිය හැකි ගෙදරක් මෙන්ම

සියලු දෙනා අවබෝධයෙන් හා ප්‍රේමයෙන් වර්ධනය වෙමින් ජීවිතය සහයෝගීතාවයෙන් ගත කරන ගෙදරක්

අප අත්දකින්නාවු මහත් ප්‍රේමය තුළ එකිනෙකාට සේවය කරමින් රැකබලා ගන්නා වු ගෙදරක්.

Welcome to the centre church 

සෙන්ටර් සභාව යනු ඔබ ජීවිතයේ කොතැනක සිටියත් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ගැන සොයා දැනගැනීමටත්, අත්දැකීමටත් හැකි ස්ථානයකි.

 

ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන, හො නොකරන කෙනෙක් වුවත්, ඔබ ක්‍රිස්තියානි ඇදහිල්ල ගැන සෝදිසි කර බලන කෙනෙකු වුවත්, එසේත් නැත්නම් ජීවිතයේ අමාරු ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් සිටින කෙනෙකු වුවත්, අපි ඔබව අප අතරට සාදරයෙන් පිළිගනිමු!

 

ඔබ පෙර කිතුනුවකු සිට දැන් දෙවියන් වහන්සේ සමඟ තිබුනාවු සම්බන්ධතාවයෙන් ඈත් වී සිටිනවා නම්, අප මධ්‍යයේ ඔබ සුවය හා සමාදානය සොයා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අප එකට යන්නාවු ඇදහිල්ලේ ගමන තුළ අප සියල්ලන්ට දෙවියන් වහන්සේ වෙත ආපසු යා හැකි බව අපි විශ්වාස කරමු!

 

අපගේ ආශාව නම්, ඔබ අප හා එක්ව යන ගමනේදී, ඔබ ඔබගේ ස්වර්ගික පියාණන්ගේ හදවත දැක, උන්වහන්සේගේ ප්‍රේමය අත්දැකීමයි. එවිට ඔබට නොකඩවා දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමටත්, උන්වහන්සේගේ ප්‍රේමය අන් අය සමඟ බෙදා ගැනීමටත් හැකි වනු ඇත.

අප හා එක්වන්න

ඉරුදින නමස්කාර මෙහෙය

 

සෑම ඉරිදාවකම | උදෑසන 9:00 සිට 11:00 දක්වා

 

දේව මෙහෙය පවත්වන්නේ – වර්ඩ් ඇන්ඩ් ඩීඩ් ලංකා දෙව්මැදුර 

3 වන මහල, අංක 167, ශ්‍රී විභූති රජගුරු මාවත (ඇළ ඉවුර පාරෙන් ඇතුල්වීම) වැල්ලවත්ත කොළඹ 06

මාසික අළුයම යාච්ඤා එකමුතුව

සෑම මසකම 4 වැනි සෙනසුරාදා අළුයම 6:30

 

මෙම මැදිහත්වීමේ සහ යාච්ඤාවේ කාලය සඳහා ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම්, කරුණාකර අපට SMS පණිවුඩයක් හෝ විද්‍යුත් තැපෑලක් එවන්න. ඔබට අප හා සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳ විස්තර සමඟ අපි ඔබට ප්‍රතිචාරයක් ඉක්මනින් එවන්නම්. ‘අප අමතන්නටැබය මත ක්ලික් කිරීමෙන් ඔබට අපගේ සම්බන්ධතා තොරතුරු වෙත ප්‍රවේශ විය හැක.

 

ඉදිරි වැඩසටහන් පිළිබද විස්තර

 
The Centre Church